අමෙරිකාවට අඳුරුතම ශීත සෘතුවක් -සෞඛ්‍ය විශේෂඥයෙක් අනතුරු අඟවයි | දිනමිණ

අමෙරිකාවට අඳුරුතම ශීත සෘතුවක් -සෞඛ්‍ය විශේෂඥයෙක් අනතුරු අඟවයි

කොරෝනා වයිරසය නිසා, මෑත ඉතිහාසයේ අමෙරිකාව මුහුණ දෙන අඳුරුතම ශීත සෘතුවට මෙවර මුහුණ දීමට සිදු වනු ඇතැයි එරට සිටින ප්‍රමුඛතම සෞඛ්‍ය විශේෂඥයකු අනතුරු අඟවා ඇත. අනතුරු පවසයි . මෙසේ පවසන්නේ එරට කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් නිපදවීමේ කටයුත්තට නායකත්වය දුන් මේ වන විට සේවයෙන් පහකර සිටින රික් බ්‍රයිට්ය.

ඒ වන විට පරීක්ෂාවට ලක් කොට නොතිබූ ඖෂධ ප්‍රවර්ධනය කිරීමට ට්‍රම්ප් ගෙන ගිය උත්සාහයට විරුද්ධ වීම නිසා මීට මාසයකට පමණ පෙරදී ඔහුව රැකියාවෙන් නෙරපනු ලැබීය. ඒ ඖෂධය සියල්ල වෙනස් කරනු ඇතැයි ට්‍රම්ප් කියා තිබිණි. කොරෝනා රෝගය ආරම්භ වූ අවස්ථාවේ දීම නිසි පියවර නොගත් නිසා එය මෙතරම් භයානක තත්ත්වයකට පත් වූ බව නියෝජිත මන්ත්‍රී මණ්ඩල උප කමිටුවක් හමුවේ සාක්ෂි දෙමින් රික් කීවේය.

 

නව අදහස දක්වන්න