මංගල සීඅයිඩීයට | දිනමිණ


 

මංගල සීඅයිඩීයට

හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාට අද(19) පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇත.

ඉකුත් ජනාධිපතිවරණය පැවැති දින පුත්තලමේ අවතැන් ඡන්ද දායකයන් පිරිසක් මන්නාරමට රැගෙන යාමට යොදන ලද බස් රථ 222ට රුපියල් කෝටියකට ආසන්න මුදලක් සමූපාකාර තොග වෙළද සංස්ථාවෙන් ගෙවීමට එවකට හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව කැඳවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මංගල සමරවීර මහතාගෙන් ඒ සම්බන්ධයෙන්ම ඉකුත් සතියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ලැබීය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න