බාහිර සමාජයේ කොරෝනා ආසාදිත පොකුරු සියල්ල පාලනය කර අවසන් | දිනමිණ

බාහිර සමාජයේ කොරෝනා ආසාදිත පොකුරු සියල්ල පාලනය කර අවසන්

නුවන් කොඩිකාර

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

බාහිර සමාජය තුළ කොරෝනා ආසාදිත රෝගී පොකුරු සියල්ලම මේ වනවිට පාලනය කර අවසන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ ද ඇති කොරෝනා පොකුරේ ක්‍රියාකාරීත්වය මේ වනවිට සියයට 75 ක් පමණ පාලනය කැර ඇති බවත් ඉදිරියේදී එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි බවට හෙතෙම විශ්වාසය පළ කෙළේය.

වෛරසය නාවික හමුදා අතර පැතිර ගිය ආකාරය ගැන මේ දිනවල විශේෂ අධ්‍යනයක් කර ගෙන යන බවත් ඒ සඳහා වෛද්‍යවරුන් කණ්ඩායමක් ද සම්බන්ධව සිටින බවත් ඒ මහතා කීවේය.

විදේශ රටවලින් පිරිස් මේ දිනවල ගෙන්වා ගනිමින් සිටින නිසා ඉදිරි කාලයේ දී ද නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගීන් අනිවාර්යයෙන්ම මතුවුණු ඇති බව පැවසූ ඒ මහතා වෛරසය එළියට යෑමට ඉඩ නොදී රැක ගැනීමට නිරෝධායන මධ්‍යස්ථාන නිසා හැකි වී තිබෙන බව සඳහන් කෙළේය.

විදේශ ගතව සිටින පිරිස් මෙරටට ගෙන්වා ගන්නේ රටක් වශයෙන් විශාල අවදානමක් දරා ගෙන බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

නව අදහස දක්වන්න