වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් | දිනමිණ

වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

සුභාෂිණී සේනානායක

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයක් පෙරේදා (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොදුරු වී ඇති බවට වාර්තා වී ඇතැයි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

පෙරේදා දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හදුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංඛ්‍යාවක් ගොදුරුවී ඇති බවට මේ වනවිට තම සංගමයට තොරතුරු වාර්තා වන බව පවසන එම සංගමය මෙම සයිබර් ප්‍රහාරය 2014 වසරේ සිට සිදුවන සයිබර් ප්‍රහාරයක් වන බවත් වෙබ් අඩවි පවත්වාගෙන යනු ලබන පාර්ශවයන් විසින් වෙබ් අඩවි වල ආරක්ෂාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම නිසා ඔවුන්ගේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාර වලට ගොදුරු වීමක් සිදුවන බවද කියා සිටි.

පසුගිය වසරේදී මෙලෙසම සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ චීන තානාපති කාර්යාලයේ සහ රජරට විශ්වවිද්‍යාලයයේ වෙබ් අඩවි මේ වසරේදීද සයිබර් ප්‍රහාරයට නතුවී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය වි ඇති බව පවසන එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට වෙබ් අඩවියක්ද මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බවට තොරතුරු වාර්තා වන බවද කියා සිටි.

නව අදහස දක්වන්න