කැනඩා කොවිඩ් මර්දන බළකායට උපහාර දැක්වීමේ යෙදුණු යානය කඩා වැටිලා | දිනමිණ

කැනඩා කොවිඩ් මර්දන බළකායට උපහාර දැක්වීමේ යෙදුණු යානය කඩා වැටිලා

කැනඩා ගුවන් හමුදාවට අයත් ප්‍රදර්ශන ගුවන් කරණම්වල නිරත ස්නෝබර්ඩ් ජෙට් ගුවන් යානයක් ජනාවස ප්‍රදේශයකට කඩා වැටීම නිසා එක් අයකු මියගොස් තිබේ. බ්‍රිටිෂ් කොලොම්බියාවේ කැම්ලූප්ස් නගරයේ සිදු වූ මේ අනතුරෙන් කාර්ය මණ්ඩලයේ පුද්ගලයකු තුවාල ලබා ඇත. අනතුරට පෙර එක් නියමුවකුට ගුවන් යානයෙන් පිටතට පැන ගැනීමට හැකි වී ඇත.

කොවිඩ්-19 වසංගතය නිවාරණයට ශ්‍රමය යොදවන කැනේඩියානුවන්ට ආචාර පුද කිරීමට මේ ස්නෝබර්ඩ්ස් ජෙට් යානය සංචාරයක නිරත වී තිබේ. අනතුර සිදු වී ඇත්තේ ඉරිදා (17දා) එම යානය ගුවන් ගතවී සුළු මොහොතක් ඇතුළත දීය.

 

නව අදහස දක්වන්න