කොවිඩ්-19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් 209ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි | දිනමිණ

කොවිඩ්-19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් 209ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි

නුවන් කොඩිකාර

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව සිටි නාවික හමුදා සාමාජිකයන්ගෙන් 209 දෙනකු මේ වන විට සුවය ලබා පිටත්ව ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව එම වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයන් 05 දෙනකු වෛරසය ශරීරයේ නොමැති බවට පෙරේදා (18) සිදු කළ PCR පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහලින් පිටව යෑමත් සමඟ සූවය ලැබූ සංඛ්‍යාව 209 දක්වා ඉහළ ගොස් ඇත. නාවික හමුදාව රෝහල් වෙතින් පිටව ගිය ද මේ සියලුම නාවික පුද්ගලයන් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන් කරයි.

මේ නාවිකයන් 05 දෙනාම කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනකු IDH රෝහලේ ද, දෙදෙනකු හෝමාගම රෝහලේ ද ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඒ අනුව එම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිය දී වරින් වර සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අදාළ වෛරසය තවදුරටත් එම නාවිකයන්ගේ ශරීරයේ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස පෙරේදා (18) එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇතැයි ද නාවික හමුදාව ප්‍රකාශ කරයි.

නව අදහස දක්වන්න