සුවය ලැබූ ආසාදිතයින් ගණන 584ක් වෙයි | දිනමිණ

සුවය ලැබූ ආසාදිතයින් ගණන 584ක් වෙයි

තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. 
 
මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇත්තේ නාවික රෝහල, අයි.ඩී.එච් සහ වැලිකන්ද යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසකි. 
 
ඒ අනුව වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 584 දෙනෙකු දක්වා ඉහල යනු ඇත.
 
එසේම රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 434 කි. 

නව අදහස දක්වන්න