පතල් වළකට වැටී දැරියන් දෙදෙනෙක් මියගිහින් | දිනමිණ

පතල් වළකට වැටී දැරියන් දෙදෙනෙක් මියගිහින්

ඇළහැර, කිරිඔය කන්තලේ යාය ප්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස දැනට පවත්වාගෙන යන මැණික් පතලකට ඇද වැටීමෙන් එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනකු (17) සවස මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ සිතුලි සිතත්මා (07) නෙතුලි නිසල්‍යා (03) යන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගේ දියණියන් දෙදෙනකි. දියණියන්ගේ සීයා විසින් මෙම පතල් වළ පවත්වාගෙන යන බවත් අනතුර සිදුවන දිනයේද පතල් ගරා ඇති බව පොලිසිය කියයි.

වළ දැනටද ජලයෙන් පිරී තිබූ බව පොලිසිය කියයි. එම පතල් වළට වැටී සිටි දැරියන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කර ඇතැත් ඒ වන වටත් මියගොස් සිටි බවද පොලිසිය සඳහන් කළේය.

අවුරුදු 05 සහ 07 යන වයස්වල පසුවන මේ දැරියන් දෙදෙනා අක්කා සහ නංගී බවද ඔවුන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී දිය පිරුණු වළට ඇද වැටෙන්නට ඇතැයි සැක කරන බවද විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු කියති. මියගිය දරු දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ එම නිවසේදී පැවැත්විය. බකමූණ පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න