අයිස් සමඟ 2ක් ඉඹුලගොඩ දී අත්අඩංගුවට | දිනමිණ

අයිස් සමඟ 2ක් ඉඹුලගොඩ දී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අයිස් නමැති මත්ද්‍රව්‍ය හා හෙරෝයින් සමඟ රත්ගම අංහන්දියේ දී සහ ඉඹුලගොඩ දී අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි. අංහන්දියේ දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රැම් 15ක් හා මිලිග්‍රැම් 540ක් සහ හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 01ක් හා මිලිග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගත් බැව් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත්සැකකරු 23 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකි.

මොහු මත්කුඩුවලට ඇබ්බැහිවී ඇති අතර විවාහ ව ගතවි ඇත්තේ මාසයක් පමණක් බවද පොලිසිය පවසයි. මෙකී සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම්වලදී අනික් සැකකරු ඉඹුලගොඩ දී අයිස් මත්කුඩු ග්‍රෑම් 14ක් හා මිලිග්‍රෑම් 650ක් හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 01ක් හා මිලිග්‍රෑම් 620ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු 24 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.

සැකකරුවන් දෙදෙනාම ඉඹුලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. රත්ගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ .පො .ප පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

 ලංකින්ද නානායක්කාර ඉමදුව සමූහ

නව අදහස දක්වන්න