‘කොටුගොඩ ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ’ ග්‍රන්ථය ජනාධිපතිට-අගමැතිට පිළිගන්වයි | දිනමිණ


 

‘කොටුගොඩ ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ’ ග්‍රන්ථය ජනාධිපතිට-අගමැතිට පිළිගන්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්‍රමහා පණ්ඩිත මහෝපාධ්‍යාය පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවේය.

උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක ද නිරත විය. මේ අතර මහනාහිමි ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කළහ.

‘සිළුමිණ’ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා විසින් රචිත “කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ” ග්‍රන්ථය ද එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම් හිටපු අමාත්‍ය ආර්.ඒ.ඩී. සිරිසේන මහතා සංස්කරණය කළ “ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලිය” ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

නව අදහස දක්වන්න