නැඟෙනහිර බාර ජ්‍යේ.නි. පොලිස්පතිවරයා වහාම කොළඹට කැඳවයි | දිනමිණ

නැඟෙනහිර බාර ජ්‍යේ.නි. පොලිස්පතිවරයා වහාම කොළඹට කැඳවයි

නැඟෙනහිර පළාත් බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාව වහාම කොළඹට කැඳවා තිබේ.

පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ දී රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතා පසුව නැඟෙනහිර පළාත් බාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කෙරිණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභාව නිලන්ත ජයවර්ධන මහතාගෙන් පසුගිය 18 හා19 දිනවල දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර අද (21) දිනයේ දීත් නැවත ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස කැඳවා ඇත. ඒ අනුව නැඟෙනහිර පළාතේ වැඩ බැලීම සඳහා උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ මහතා පත් කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න