'කොවිඩ්-19' ආසාදිතයින් 1045දක්වා ඉහළ යයි (UPDATE) | දිනමිණ

'කොවිඩ්-19' ආසාදිතයින් 1045දක්වා ඉහළ යයි (UPDATE)

ඩුබායිහි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ පුද්ගලයන් 15 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබේ.
 
ඒ අනුව මෙරටින් හමු වූ ආසාදිත රෝගීන් ගණන 1045 දක්වා ඉහළ ගොස් තිබේ.
 
අද දිනයේදී පමණක් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ගණන 17 කි.
 
 
 
 
 
 
 
 මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1030 දක්වා ඉහළට
 
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු අද(21) සවස 4.00 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1030ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
එසේම අද දිනය තුළ රෝගීන් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 ක් දක්වා වැඩි වී ඇත.
 
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 417 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 

නව අදහස දක්වන්න