සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලා පොදු ස්ථානවලට | දිනමිණ


 

සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලා පොදු ස්ථානවලට

කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවිම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක් ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
 
කොවිඩ්-19 රෝගය පැතිරයාම පාලනය කිරිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සදහා විශේෂ ක්‍රියාකාරි කාර්යය සාධන සාමාලෝචන කමිටුව අද(21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිඅරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
 
නව ජිවන රටාවක් උදෙසා යන තේමාව ඔස්සේ කොවිඩ්-19 රෝගයෙන් වැලැකිමේ සංඥා මාලාව හදුන්වාදීමට කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
එම සංඥා දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළඳසැල් සහ කාර්යාල ආශ්‍රිතව ප්‍රදර්ශනය කිරිමට නියමිතය.
 
මේ අතර රට විවෘත කිරිමත් සමග අවශ්‍ය අවස්ථාවන්හිදී මුහුණු ආවර්ණ පැළදීම පිළිබඳව නිර්දේශ සකස් කිරිම, පොදු ස්ථාන විෂබීජහරණ වැඩපිළීවෙල ආදීය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
 

නව අදහස දක්වන්න