දැලේ පැටලුණ තල්මසා බේරාගත්තැයි දඩ | දිනමිණ

දැලේ පැටලුණ තල්මසා බේරාගත්තැයි දඩ

මුහුදේ ආරක්ෂිත දැලක පැටැලී සිටි තල්මසකු ඉන් මුදා ගැනීමට කටයුතු කළ තමාට බලධාරීන් දඩයක් නියම කළ බව ඕස්ට්‍රේලියානුවෙක් පවසයි. ගෝල්ඩ් කෝස්ට් වෙරළාසන්න ප්‍රදේශයක දැලකට කොටු වී සිටි මේ සත්ත්වයා ගැන නිලධාරීන්ට ඇමතුම් රැසක්ම ලැබිණි. කෙසේ වෙතත් පැය ගණනාවක් යනතුරු මුදා ගැනීමේ අංශවලින් ප්‍රතිචාරයක් නොවූ නිසා එක් පුද්ගලයකු තමාගේ පෞද්ගලික බෝට්ටුව මෙහෙයවා ගෙන මේ තල්මසා මුදා ගැනීම පිණිස මුහුද දෙසට ගමන් කෙළේය.

ඉන්පසු ඒ සතාව නිදහස් කර වෙරළට පැමිණි තමාට නිලධාරීන් දඩයක් නියම කළ බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කෙළේය. දඩය කොපමණ දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නීතිය අනුව ප්‍රාන්තයේ දේපළ වෙත ප්‍රවේශ වීම සහ තල්මසුන් වෙත පමණට වඩා සමීප වීම දඬුවම් හිමි වන වරදකි.

නව අදහස දක්වන්න