පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූණා | දිනමිණ


 

පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූණා

නෙල්කා මැදගෙදර

එජාප මහ ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අටවැනි පාර්ලිමේන්තු ව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යන තෙක් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (21)පෙත්සමක් ඉදිරිපත් කැර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු මස 2වැනිදා නිකුත් කැර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

ජනාධිපති වරයා වෙනුවෙන් නීතිපතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තර කරුවන් ලෙස නම් කැර ඇත.

අටවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු 09වැනි පාර්ලිමේන්තුව තෝරා ගැනීමට මැතිවරණය ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළ බව පෙත්සමෙහි සඳහන් වේ. එම මැතිවරණ දිනය පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස තුනකට පසු දිනය ක් වන අතර මැතිවරණ කොමිසමේ එම තීරණය නීති විරෝධී බව පෙත්සම්කරු කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් ඉක්ම යෑමට පෙර නව පාර්ලිමේන්තුව කැඳවනු ලැබිය යුතු නමුත් එසේ නොකර සිටීම සහ පැරණි පාර්ලිමේන්තුව හෝ නොකැදවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව පෙත්සම් කරු කියයි .

පවතින තත්ත්වය තුළ 8 වැනි පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළ යුතු බවද පෙත්සමෙහි සදහන් වේ. එබැවින් මෙම ක්‍රියාවලිය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත. එසේම 8 වැනි පාර්ලිමේන්තුව ජූනි මස 03 වැනිදා සිට බල පවත්වන බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත.

නව අදහස දක්වන්න