කුඩාමුරුට්ටි පාලමේ යකඩ ගලවන් ගිහින් | දිනමිණ

කුඩාමුරුට්ටි පාලමේ යකඩ ගලවන් ගිහින්

කිළිනොච්චියේ පරන්තන් සිට පූනරීන් දක්වා දිවෙන B-357 මාර්ගයේ පිහිටි කුඩාමුරුට්ටි පාලමේ යකඩ කොටස් විශාල ප්‍රමාණයක් හොරුන් විසින් ගලවා ගෙන ගොස් තිබීම නිසා ඒ මතින් බර වාහන ධාවනය කරවීමේදී සැලකිලිමත් වන ලෙස කිළිනොච්චිය මාර්ග සංවර්ධන නිලධාරීන් සියලුම රියැදුරන්ට දැනුම් දීමක් සිදු කොට තිබේ.

මේ වන විටත් පාලමේ නවීකරණ කටයුතු සිදු කෙරෙණ බවද මාර්ග සංවර්ධන අධිකාරීය පැවසීය. යකඩ කොටස් හොරුන් විසින් වරින් වර ගලවා මේ වන විට පාලමේ විශාල කොටසක යකඩ නොමැතිකම නිසා පාලම දැඩි අබලන් තත්ත්වයකට පත්ව තිබේ.

මේ කුඩාමුරුට්ටි පාලමෙන් හොරුන් විසින් රුපියල් මිලියන 6ක් පමණ වටිනා යකඩ කොටස් ගලවා ගෙන ගොස් ඇතත් ඔවුන් ඒවා අලෙවි කොට ඇත්තේ රුපියල් ලක්ෂ පහක් වැනි මුදලකට බව මේ පිළිබඳව කළ සොයා බැලීම්වලදී අනාවරණය වී තිබේ. යුද්ධයෙන් පසුව මේ පාලම ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 18ක මුදලක් වැය කොට ඇති අතර පාලම ඉදි කළ දිනයේ පටන්ම හොරුන් විසින් එහි යකඩ කොටස් ගලවා අලෙවි කරන්නට පටන් ගෙන තිබේ.

මේ අතර එම මාර්ගයේම පිහිටි සංගුපිටිය පාලමේද යකඩ කොටස් හොරුන් විසින් ගලවා යකඩවලට අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.

උතුරු පළාත් විශේෂ 
රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න