අපනයන ක්ෂේත්‍රයට සවියක් බ්‍රැන්ඩික්ස් ප්‍රථම අපනයනය අමෙරිකාවට | දිනමිණ


 

අපනයන ක්ෂේත්‍රයට සවියක් බ්‍රැන්ඩික්ස් ප්‍රථම අපනයනය අමෙරිකාවට

ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ලෙස, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මිලියන 200ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංකේතාත්මකව බාර දෙන ලදි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මේ සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න