එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලාවට ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන දෙකක් | දිනමිණ


 

එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලාවට ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන දෙකක්

මෙරට වානේ ඉදිකිරීම් කර්මාන්තයේ දැවැන්තයකු වන ත්‍රී සිංහ සමූහය IKLO ඉන්ඩස්ට්‍රීස් සමාගම අරඹමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් වැදගත් ඉසව්වක් වන පෙර නිර්මිත Pre Fabricated Steel Building ක්ෂේත්‍රයට සාර්ථකව අවතීර්ණ වෙයි. වත්මන් ලෝකයේ Pre Fabricated Steel Building සහ සැන්ඩ්විච් පැනල පුළුල්ව භාවිත කෙරේ. උසස් තත්ත්වය, කඩිනමින් ඉදි කර භාර දිය හැකිවීම සහ වටිනාකම නිසා පෙර සැකැසු ඉදිකිරීම් ද්‍රව්‍ය විශිෂ්ට මට්ටමක පවතී.

විශේෂ අවශ්‍යතා අනුව මේ ආකාරයේ ගොඩනැගිලි සැලසුම් කර නිෂ්පාදනය කර සති 8කට අඩු කාලයකදී නිමා කළ හැකිය. එසේම සාමාන්‍ය ගොඩනැගිලි ඉදිකිරීමට යන වියදමින් සියයට 20ක් 30ක් පමණ මුදලක් මෙමගින් ඉතිරි කර ගත හැකිය. Pre Fabricated Steel Building නිර්මාණය, සකස් කිරීම හා සැපැයිම යන සේවා IKLO ඉන්ඩස්ට්‍රීස් වෙතින් ලබා ගත හැකිය.

රෝලර් ඩෝ, රෝලර් ෂටර්ස්, සෙක්ෂනල් ඕවර්හෙඞ් ඩෝ, වින්ඩෝ ෂටර්ස්, ෆයර් රෙසිස්ටන්ට් ඩෝ, ඇලුමිනියම් ෆැබ්රිකේෂන්ස්, සෙන්සර් ඩෝ, ස්ටේන්ලස් ස්ටීල්, ස්ටීල් රේලින්ග්ස් සහ ස්ටෙයාවේස්, පොලිකාබනේට් කැනපීස්, ස්ටේන්ලස් ස්ටීල් පැන්ට්‍රි කබඩ්ස්, ස්ටීල් බිල්ඩින්ග්ස්, ඔටෝමැටික් බැරියර්ස් සහ මෝටර් සවි කළ ස්ලයිඩින්ග් ඇන්ඩ් ස්වින්ග් ගේට්ස්, සූර්ය පැනල ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ අනෙකුත් නිෂ්පාදන අතර වේ.

කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත්වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය පිරිනැමූ කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන සහ ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පිරිනැමූ විශිෂ්ටතම ව්‍යවසායකයා රන් හා රිදී සම්මාන හිමි කර ගැනීමත්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය පිරිනැමූ නිෂ්පාදන විශිෂ්ටතා සම්මානවලින් අඛණ්ඩව පිදුම් ලැබීමත් ඒ අතරින් ප්‍රධානය.

නව අදහස දක්වන්න