ද එක්ස්ටර්මිනේටර්ස් කොළඹ පොලිසි 29ක් විස බීජ හරණය කරයි | දිනමිණ


 

ද එක්ස්ටර්මිනේටර්ස් කොළඹ පොලිසි 29ක් විස බීජ හරණය කරයි

ශ්‍රී ලංකාවේ විස බීජ හරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන සීමාසහිත ද එක්ස්ටර්මිනේටර්ස් (පෞද්ගලික) සමාගම කොවිඩ්-19 වසංගතය පිටු දැකීමේ සටනෙහි නිරත කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 29ක් විස බීජ හරණය කළේය. වර්ග අඩි 254,500ක ප්‍රදේශයක් මෙලෙස විස බීජ හරණයට ලක් වූ අතර, එමගින් පොලිස් නිලධාරීන් 5,000කට අධික පිරිසකට ආරක්ෂාව ලැබිණ.

කොරෝනා වසංගතයට එරෙහිව පෙරමුණ ගෙන සටන් කරන පිරිස ආරක්ෂා කිරීම ඉලක්ක කර ගත් මේ මෙහෙයුම මාර්තු 15 අරඹා අප්‍රේල් 30 අවසන් කළේය. ද එක්ස්ටර්මිනේටර්ස් සමාගම විස බීජ හරණය කළ කිසිදු පොලිස් ස්ථානයකින් පසුගිය 05වැනිදා දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා නොවීම විශේෂත්වයකි.

‘කොරෝනා වසංගතය පිටු දැකීමේ මෙහෙයුමේදී අපට කරන්නට හැකි වූ සුළු භූමිකාව සම්බන්ධයෙන් සතුටු වන අතරම ඊට ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට කෘතඥ වෙනවා. ද එක්ස්ටර්මිනේටර්ස් කණ්ඩායම සිය ජීවිත අවදානමේ හෙළමින් කළ සේවයටත් මාගේ කෘතවේදීත්වය හිමි වෙනවා.” ද එක්ස්ටර්මිනේටර්ස් නිර්මාතෘ/කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා පැවසීය.

විස බීජ නාශක ඇල්කොහොල් හා රසායනික වශයෙන් දෙවර්ගයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ වයිරස් මර්දනය කිරීමේ කාර්යක්ෂමතාව සහතික කළ ලියාපදිංචි නිපැයුම් කෙරෙහි පමණක් විශ්වාසය තැබීමය.

විස බීජ නාශක කුටිවලින් කායික හා මානසික වශයෙන් පුද්ගලයන්ට හානි විය හැකි අතර, එමගින් කොවිඩ්-19 මර්දනය වනු ඇතැයි පිළිගත නොහැක. විස බීජ නාශකයකින් නියම ප්‍රයෝජන ලබන්නට නම් එය විනාඩි 5ත් 10ත් අතර කාලයක් ස්පර්ශ විය යුතුය. ‘එක්ස්ටර්මිනේටර්ස් ඔප්ටිමම්’ විස බීජ නාශක ලෝක සෞඛ්‍ය සංවිධානයේ, අමෙරිකාවේ හා සිංගප්පූරුවේ ජාතික පරිසර ආයතනයේ අනුමැතිය ලත් විස බීජ නාශක රැසකින් සමන්විතය. මේ සියලු නිෂ්පාදන ශ්‍රී ලංකාවේ අදාළ ආයතනවල ලියාදිංචි කර ඇත. එමෙන්ම ද එක්ස්ටර්මිනේටර්ස් සේවා 100%ක් කාබන් අක්‍රීය වේ.

නව අදහස දක්වන්න