සමඟි ජන බලවේගය ගොනු කළ පෙත්සම සලකා බැලීම 29දා | දිනමිණ


 

සමඟි ජන බලවේගය ගොනු කළ පෙත්සම සලකා බැලීම 29දා

නෙල්කා මැදගෙදර

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගය විසින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම මේ සහ 29 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මේ පෙත්සම ඊයේ (22) කැඳවනු ලැබූ අතර සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහ ලේකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වෙනත් අධිකරණයක නඩු කටයුත්තකට සහභාගි වෙන බැවින් පෙත්සම සලකා බැලීම කල්දැමීමට අධිකරණය කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් වන ඕෂල හේරත් විසින් ගොනු කර ඇති මේ පෙත්සමෙන් මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා, එහි සාමාජිකයන්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නායක සේනක හරිප්‍රිය ද සිල්වා, ලේකම් ඩයනා ගමගේ ඇතුළු පිරිසක් වගඋත්තකරුවෝ කර සිටිති.

නව අදහස දක්වන්න