හෝල්ඩින්ගෙන් චෝදනාවක් | දිනමිණ


 

හෝල්ඩින්ගෙන් චෝදනාවක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පරිත්‍යාග කරනු ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන භාගයක පමණ මුදලක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින් යටි මඩි ගසා ගත් බවට එරට හිටපු වේගපන්දු යවන ක්‍රීඩක මයිකල් හෝල්ඩින් ප්‍රකාශ කළේය.

කොදෙව් පිලේ හිටපු ක්‍රීඩකයන් අතර බෙදා දීම සඳහා වසර 2013 -14 කාලයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පරිත්‍යාග කළ එම මුදල ක්‍රිකට් බලධාරීන් හොර රහසේ බෙදා ගත් බවට චෝදනා කරමින් හෝල්ඩින් කොදෙව් ක්‍රිකට් පරිපාලනය දැඩි විවේචනයට ලක් කළේය.

‘මමත් හිටපු ක්‍රීඩකයෙක්. ඒත් මම කියන්නේ නෑ මට මුදල් අවශ්‍යයි කියලා. ඒත් මුදල් අගහිඟකම් ඇති හිටපු ක්‍රීඩකයන් රැසක් ගැන මම දන්නවා. මේ ලැබුණු ඩොලර් මිලියන භාගයෙන් සතයක්වත් ඔවුන් අතර බෙදා දී නැති බව මම හොඳටම දන්නවා. ඔවුන් එහෙම බෙදා දුන්නා නම් විශාල ප්‍රසිද්ධියක් ඒකට ලබා දෙනවා සහතිකයි. එහෙනං ඒ මුදල්වලට මොකද වුණේ...?‘ හෝල්ඩින් එසේ ප්‍රශ්න කළේය.

නව අදහස දක්වන්න