ලබන වසරේ ඔලිම්පික් ජපානයට තීරණාත්මකයි | දිනමිණ


 

ලබන වසරේ ඔලිම්පික් ජපානයට තීරණාත්මකයි

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට ජපානයට ලබන වසරේදිත් අවස්ථාවක් නොලැබෙන්නේ නම් ක්‍රීඩා උළෙල සම්පූර්ණයෙන්ම අවලංගු කර දැමීමට කටයුතු කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් බී.බී.සී. පුවත්සේවයට ප්‍රකාශ කළේය.

ලබන වසර අවසන් විකල්පය බවට ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා ද තමාට දැනුම් දුන් බව ඔලිම්පික් ප්‍රධානියා කීවේය. ‘මට ඇත්ත තත්ත්වය තේරෙනවා. සේවකයන් තුන් දහසක් හෝ පන්දහසක් හැමදාම තියාගන්න කිසිම සංවිධාන කමිටුවකට බෑ. අනික ලෝකයේ ප්‍රධාන ක්‍රීඩා සම්මේලනයක ක්‍රීඩා උළෙලක් නිසා වාර්ෂික ක්‍රීඩා කැලන්ඩරය සැරින් සැරේ වෙනස් කරන්නත් බෑ. අපිට බැහැ ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ විශ්වාසය බිඳ දමන්න.‘ ඔහු එසේ කීවේය.

නව අදහස දක්වන්න