අපිට මැතිවරණ කල් දමා ගන්න අවශ්‍ය නැහැ | දිනමිණ

අපිට මැතිවරණ කල් දමා ගන්න අවශ්‍ය නැහැ

අපිට මැතිවරණ කල් දමාගන්න අවශ්‍ය නැහැ. ප්‍රායෝගිකව පුද්ගල දුරස්ථබව තබාගෙන මැතිවරණයක් පවත්වන හැකිද යන්න ගැටලුවක් තිබෙනවා නේද අපි මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා යැයිද එය කොමිසමත් දැන් අනුමත කර තිබෙන හිටපු එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අපි දේශපාලන පක්ෂයක් ලෙස නිරන්තර ජනතා අයිතීන් වෙනුවෙන් පෙනි සිටිනවා. එහිදි වත්මන් වසංගත තත්ත්වය මත මැතිවණයක් ප්‍රායෝගිකව පැවැත්වි හැකිද යන්න ගැටලුව අපි ඉදිරියේ තියෙනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදි හා ඡන්ද පොළේදි පවා අපිට ඇඟිළි පවා ස්පර්ශය කරන්න සිදුවෙනවා. ඒ නිසා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය මැතිවරණයක් පැවැත්වීමේ ප්‍රායෝගික ගැටලු තියෙනවා.

අපි මේ අවස්ථාවේදි මැතිවරණයකට වඩා සිතන්නේ රටේත් ජනතාවගෙත් ආරක්ෂාවයි. ඒ සඳහා අපේ විශේෂඥ කමිටුවක් පිහිටුවා තියෙනවා. එහි දොස්තරවරුත් සිටිනවා. ඒ අය අපිට උපදෙස් දෙනවා. මේ සඳහා රජයට අපි ධනාත්මක කටයුතු සඳහා සහයෝගය ලබාදෙන්න සූදානම්. මැතිවරණ පැවැත්වීම ගැන ඉතාම සිහි බුද්ධියෙන් කල්පනා කළ යුතු දෙයක්.

නව අදහස දක්වන්න