මෘත දේහ පිළිබඳ වාර්තාවක් ඕනෑ | දිනමිණ


 

මෘත දේහ පිළිබඳ වාර්තාවක් ඕනෑ

සුභාෂීණී සේනානායක

මාලිගාවත්තේ දී කාන්තාවන් තිදෙනකු මිය යෑම

මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවෙසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියක දී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත පෙරේදා (21) නියෝග කළාය.

මෙම මෘත දේහයන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත ඒවා භාරදීමට ද මෙහි දී මහේස්ත්‍රාත්වරිය මාලිගාවත්ත පොලීසිය වෙත ද නියෝගයක් කළ අතර මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා ඊයේ (21) මහේස්ත්‍රාත්වරිය මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් මාවත ප්‍රදේශය වෙත සහ මෘත ශරීර තැන්පත් කර තිබූ මෝචරිය වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මරණයටන්ට අදාළ පශ්චාත් මරණ පරීක්ණය සිදුකිරීම සඳහා මාලිගාවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය පෙරේදා (21) පස්වරු 3.00 ට පමණ මාලිගාවත්ත ප්‍රදේශයේ එම ස්ථානය වෙත ගොස් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ නියෝග සිදු කළාය.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ලක්සිත සෙවණ මාලිගාවත්ත කොළඹ 10 පදිංචිව සිටි උමා අකිලා (62), ජුම්මා මස්ජිඞ් පෙදෙස, මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆවුසියා නීසා (59) සහ ලක්සිත සෙවණ මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆරීනා මුසම්මිල් (68) නමැති කාන්තාවන් වෙයි.

නව අදහස දක්වන්න