බුදු දහමට නිඟා කළැයි රන්ජන්ගෙන් ප්‍රශ්න කරයි | දිනමිණ


 

බුදු දහමට නිඟා කළැයි රන්ජන්ගෙන් ප්‍රශ්න කරයි

බුදු දහමට සහ භික්ෂූන් වහන්සේට අපහාස වන අයුරින් අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන රන්ජන් රාමනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ(22) දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී.

රන්ජන් රාමනායක මහතා සවස 1.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

රන්ජන් රාමනායක මහතා එම අන්තර් ජාල වැඩ සටහනට සම්බන්ධ වී ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේදීය. ඒ සම්බන්දයෙන් එම වකවානුවේදීම භික්ෂූන් වහන්සේ පිරිසකගෙන් පැමිණිලි ලැබී ඇති අතර ඒ එක් පැමිණිල්ලකට අදාලව නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහුව ප්‍රශ්න කිරීමට කැදවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

කළ ප්‍රශ්න කිරීමට අදාල උදෘතයන් නීතිපතිවරයා වෙත යොමු කර ලැබෙන උපදෙස් වලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවැසීය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න