සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් වෙයි | දිනමිණ


 

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068ක් වෙයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1068 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඊයේ(22)  හඳුනාගත් ආසාදිතයන් 27 දෙනා අතුරින් 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්වේ.
 
කෙසේවෙතත් ගෙවුණු දින 22 ක කාලය තුළ බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයකි. තවත් 15 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටි පිරිසකි.
ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණ අයෙක් වේ.
 
සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 620කි.
 
මේ වන විට පුද්ගලයින් 439 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ විවිධ රෝහල්වල ප්‍රතිකාර  ලබමින් සිටියි.
 

නව අදහස දක්වන්න