“ද ඕපන් ස්කයි ට්‍රීටි” ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වෙයි | දිනමිණ


 

“ද ඕපන් ස්කයි ට්‍රීටි” ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වෙයි

සන්නද්ධ නොවූ ගුවන් නිරීක්ෂණ යානාවලට සාමාජික රටවල් රැසක ගුවන් ප්‍රදේශවලට නිදහසේ ඇතුළු වීමට ඉඩ සලසා තිබූ ප්‍රධානතම ගිවිසුමකින් තමන් ඉවත් වන බව අමෙරිකාව නිවේදනය කර ඇත.

“ද ඕපන් ස්කයි ට්‍රීටි” ලෙස හඳුන්වන නිදහස් ගුවන් ගමන් ගිවිසුම 2002 දී අත්සන් කළේ ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමේ විශ්වාසය වර්ධනය කිරීමටය. රුසියාව එම ගිවිසුමේ කොන්දේසි නිතරම උල්ලංඝනය කර ඇති බැවින් තමන් එයින් ඉවත් වන බව ජ්‍යේෂ්ඨ අමෙරිකානු නිලධාරීහු කියති.

රුසියාව සමඟ නව ගිවිසුමකට පැමිණීමට තමන්ට නියම කාලය පැමිණ ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අතර පවසා ඇත. “මම හිතනවා අපට රුසියාව සමඟ යහපත් සම්බන්ධයක් තිබෙනවා කියා. ඒත් රුසියාව ගිවිසුම ගැන තකන්නේ නැහැ.” යැයි ද ඔහු පවසා තිබේ.

නව අදහස දක්වන්න