රෝහල්වලට වැඩි ප්‍රතිපාදන ඉල්ලූ පැරිස් සෞඛ්‍ය සේවකයන්ට නඩු | දිනමිණ


 

රෝහල්වලට වැඩි ප්‍රතිපාදන ඉල්ලූ පැරිස් සෞඛ්‍ය සේවකයන්ට නඩු

විරෝධතාකරුවන්ට ස්ථානීය දඩත් ගහලා

පැරිස් නුවර රෝහලක් ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ සෞඛ්‍ය සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන පනහකට ආසන්න පිරිසකට නඩු පවරා ඇතැයි වාර්තා වේ.

රෝහල්වලට ලබා දෙන ප්‍රතිපාදන වැඩි කරන්නැයි වෛද්‍යවරුන්, හෙදියන් සහ සහායක කාර්ය මණ්ඩලයට අයත් හාරසියයකට අධික පිරිසක් වෙළුම් පටි සහ උරමාවල් පැළැඳගෙන රෝහලක් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී ඇත. පොලිසිය පවසන්නේ මේ අය සමාජ දුරස්ථකරණයේ නීති උල්ලංඝනය කර ඇති බවයි.

විරෝධතාකරුවන්ට විසිරී යන ලෙස නියම කර ඇතත් එයට අවනත නොවූ පිරිසට පොලිසිය යුරෝ 135 ක ස්ථානීය දඩයක් ද නියම කර තිබේ.

 

නව අදහස දක්වන්න