චීනයේ අලුත් ආරක්ෂක නීතියකින් හොංකොං හි පැවැත්මට බාධා | දිනමිණ


 

චීනයේ අලුත් ආරක්ෂක නීතියකින් හොංකොං හි පැවැත්මට බාධා

චීනය නව ආරක්ෂක නීතියක් ප්‍රකාශය කිරීමත් සමඟ හොංකොං දේශයේ පැවැත්ම නැති වී යනු ඇතැයි එරට දේශපාලන ක්‍රියාකාරීහු පැවසූහ.

මේ අතර අමෙරිකාව පවසන්නේ හොංකොං දේශයේ ස්වෛරීභාවය දිය කර හැරීමට චීනයට ඇති අවශ්‍යතාවය මෙයින් ශක්තිමත් වනු ඇති බවයි. දේශද්‍රෝහීත්වය සහ කඩාකප්පල්වාදය තහනම් කිරීමේ අරමුණ ඇතිව ඊයේ (සිකුරාදා) චීනයේ ජාතික මහජන සම්මේලනයේ මේ ගැන විවාදය පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම නීතියට සහාය දෙන කණ්ඩායම් ප්‍රකාශ කරන්නේ දේශපාලන විරෝධතාවල දී මතුවන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට මේ නීති අවශ්‍යව ඇති බවයි. එම නීතිවලින් මූලික අයිතිවාසිකම් මුළිනුපුටා දමනු ඇතැයි විරුද්ධ පක්ෂ බිය පළ කරයි.

නව අදහස දක්වන්න