කොළඹ-ගම්පහ ඇඳිරි නීතිය ඉවත් කරයි | දිනමිණ

කොළඹ-ගම්පහ ඇඳිරි නීතිය ඉවත් කරයි

නුවන් කොඩිකාර

හෙට සිට දිවයිනටම රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා පමණයි

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (26) ‍පෙරවරු 4 ට ඉවත් කෙරේ.

ඒ අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට (26) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි. මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බව ද රජය සඳහන් කරයි.

ඒ අනුව සියලු දිස්ත්‍රික්ක සඳහා ලබන අඟහරුවාදා එනම් (26) වැනිදා සිට ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අලුයම 04.00 දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු මස 20 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් පසු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය මීට පෙර ලිහිල් කෙරුණේ එක් අවස්ථාවක දී පමණ ය.

නව අදහස දක්වන්න