මල්ලව පොර ශූරී හනා කිමුරා මිය යයි | දිනමිණ


 

මල්ලව පොර ශූරී හනා කිමුරා මිය යයි

ජපානයේ වෘත්තීය මල්ලව පොර ශූරියක සහ නෙට්ෆ්ලික්ස් නවතම ටෙරස් හවුස් වැඩසටහන් මාලාවේ පෙනී සිටි තරුවක් වූ හනා කිමුරා මිය ගියාය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 22කි. කිමුරාගේ සංවිධානය වන ස්ටාර්ඩම් රෙස්ට්ලිං මෙම පුවත තහවුරු කර ඇති අතර කලබල නොවී ගෞරවාන්විතව හැසිරෙන්නැයි ඇයගේ රසිකයන්ගෙන් ඉල්ලා ඇත. මරණයට හේතුව තවම අනාවරණය වී නොමැත.

ඇය මිය යාමට ටික දිනකට පෙර තමන් සයිබර් හිංසනයට ලක්ව ඇති බව අඟවමින් සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රවෘත්ති පළ කෙරිණි. සිකුරාදා (22දා) ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් අඩවියේ සමුගැනීම යැයි කියැවෙන පාඨය දක්වමින් ඇයගේ බළලා සමඟ ඡායාරූපයකට ඇය පෙනී සිට ඇත. 2019 දී “ස්ටාර්ඩම් ෆයිටින් ස්පිරිට් අවෝඩ්“ සම්මානය ඇය හිමිකර ගත්තාය.

 

නව අදහස දක්වන්න