ලොව ධනවත්ම ක්‍රීඩිකාව නයෝමි | දිනමිණ

ලොව ධනවත්ම ක්‍රීඩිකාව නයෝමි

ලොව වැඩිම ආදායමක් ලබන ක්‍රීඩිකාව ලෙස ජපානයේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ජාත්‍යන්තර ෆෝබ්ස් ලැයිස්තුවට එක්වී සිටී. 22 හැවිරිදි නයෝමි පසුගිය මාස 12 ඇතුළත අමෙරිකානු ඩොලර් මිලියන 30.7ක මුදලක් උපයා ගනිමින් එම වාර්තාව තැබුවාය.

මීට පෙර වැඩිම ආදායම් උපයන ක්‍රීඩිකාව බවට පත්වී සිටි අමෙරිකාවේ ටෙනිස් ශුරිය සෙරීනා විලියම්ස් පසුගිය මාස 12දී උපයාගත් මුදලට වඩා ඩොලර් මිලියන 1.15ක් වැඩිපුර උපයා ගැනීමට නයෝමි සමත්වී ඇත.

වසර 2018දී අමෙරිකානු විවෘත ටෙනිස් කුසලානයත්, 2019 දී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කුසලානයත් දිනාගත් නයෝමි මීට පෙර ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයට ද පත්වූවාය. ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා මෙන්ම කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගත් පළමු ආසියාතික ක්‍රීඩිකාව ලෙසත් නයෝමි ඉතිහාසට එක්වූවාය.

නව අදහස දක්වන්න