කොරෝනාවට දියවුණු පුත්තලමේ ලුණු | දිනමිණ


 

කොරෝනාවට දියවුණු පුත්තලමේ ලුණු

එවකට ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් පරණ මන්නාරම් මාර්ගයේ කලපු ජලය පහසුවෙන් ගමන් කරන ප්‍රදේශයන් තෝරාගෙන ජලය රැස් කොට ජලය වාෂ්ප වීමෙන් අනතුරුව ලුණු මිදීම සිදුකර ඇති බව ඉතිහාසය මනාව සාක්ෂි සාධක සහිතව පිළිබිඹු කරයි.

කරතිව්, මනල්තිව්, සේවන්තිව්, කරයාතුරෙයි, සෝල්ටන්, පාලවිය යන ප්‍රදේශයන් වල මෙකී ලුණු ලේවායන් සාර්ථකව සිදුකරගෙන ගොස් තිබුණද මෙවර සමස්ථ රටම බලපා ඇති කොරෝනා වසංගතය නිසාවෙන් ලුණු කර්මාන්තය සීග්‍ර ලෙස පහත වැටීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

දිනකට දස දහසකට අධික පිරිසක් මෙකී කර්මාන්තය ඔස්සේ රැකියාවේ යෙදුනද අද වන විට ශ්‍රමික පිරිස සීයය දක්වා අඩුව තිබේ.

නමුත් වෙළද පොළ තුළ නිෂ්පාදන සදහා නිෂ්චිත මිලක් නොමැති වීමත් නිතර නිතර මිල උච්චාවචනය වීම වැනි කරුණු නිසා නිෂ්පාදකයා දැඩි අසීරුතාවට පත්ව සිටින බව කියයි.

වෙළද පොළ ඇසුරුම් කර ඇති ලුණු කිලෝවක මිල රුපියල් 60–100 දක්වා ඉහළ යද්දි සිය ගැණුම්කරුවන් නිෂ්පාදකයාගෙන් ලුණු කිලෝ 50 (හොන්ඩරයක්) මිලදී ගනු ලබන්නේ රුපියල් 220ක් වැනි සුළු මුදලකට වීම නිසවෙන් මේ වන විටත් කර්මාන්තයේ පහල වැටීම ආරම්භ වී තිබේ.

කර්මාන්තකරුවෝ පෙන්වා දෙන පිරිදි මෙලෙස ගැණුම් කරුවන් විසින් තම නිෂ්පාදන කුණුකොල්ලයට මිලදී ගැනීම හේතුවෙන් නුදුරේදි ලුණු නිෂ්පාදනයෙන් ඉවත්වීමට සිදුවන බවත්, විදේශිය රට වල සිට මෙරටට ලුණු ආනයනය කිරීමත් බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි.

මේ වන විට තමන් සතුව ඇති ලුණු වැස්සෙන් ආරක්ෂා කිරීම සදහා ඉදිකර ඇති ගබඩා සදහා අවශ්‍ය පොල් අතු මිලදී ගැනීමට නොහැකි තරමට තමන් කර්මාන්තයෙන් පාඩු ලැබීම නිසාවෙන් ලුණු විශාල වශයෙන් හානියට ලක්ව ඇති බව කියයි.

 වනාතවිල්ලුව සමූහ කේ. ප්‍රියංකර කළුපහන

නව අදහස දක්වන්න