තවත් නාවික හමුදා පුද්ගලයින් 19කට සුවයි | දිනමිණ


 

තවත් නාවික හමුදා පුද්ගලයින් 19කට සුවයි

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී ඊයේ (25)  රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 19 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
 
මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.
 

නව අදහස දක්වන්න