Tele Medicine සේවා සැලසීම සඳහා Samsung, ඩයලොග් සහ MyDoctor සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනීයි | දිනමිණ

Tele Medicine සේවා සැලසීම සඳහා Samsung, ඩයලොග් සහ MyDoctor සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනීයි

  COVID – 19 ට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවා අංශය ඉටුකරන මෙහෙයට තවදුරටත් සහාය දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, රජයේ ඊ සෞඛ්‍ය පද්ධතිය (e-Health) සවිමත් කරමින් MyDoctor appහරහා නොමිලේ Tele Medicine සේවා සැලසීම සඳහා Samsung Global සහ MyDoctor සමඟ එක්ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට (MOH) වසර 3ක් සඳහා අඛණ්ඩව Samsung Tabපරිගණක, සම්බන්ධතා පහසුකම් සහ Tele Medicine සේවා සැලසීමට ඉදිරිපත් වී තිබේ. මෙම සහයෝගීත්වය හරහා රජයට කිසිඳු පිරිවැයක් දැරීමට සිදු නොවන අතර COVID-19 හමුවේ බෝ නොවන රෝග සහිත රෝගීන් බහුතරයකට තමා නිතර හමුවන වෛද්‍යවරයාගෙන් නිරතුරුවම උපදේශන ලබාගෙන පරීක්ෂා කිරීමකට ලක්වීම අවශ්‍ය වන බැවින් වෛද්‍යවරුන්ට දුරස්ථව සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය Tele Medicine සේවා සැලසීමට හා සම්බන්ධතා පහසුකම් ලබාදීම සඳහා රටේ ප්‍රධාන ජාතික සහ ශික්ෂණ රෝහල් 16 ක බෝ නොවන රෝග සායන  ඩිජිටල්කරණයට ලක්කිරීම මෙහි අරමුණ වේ.

ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සම්පාදකයා වන MyDoctorසේවාව විසින් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය රෝහල්වල සිට රෝගීන්ගේ රෝග විනිශ්චයන් සහ ප්‍රතිකාර දුරස්ථව සිදු කළ හැකි වන පරිදි මේ හරහා පහසුකම් සැලසෙනු ඇත.  Samsung Tab පරිගණක සහ ඩයලොග් 4G සම්බන්ධතාවයෙන් බලගැන්වෙන MyDoctor මගින් සැපයෙන ඩිජිටල් සෞඛ්‍ය සේවා හරහා වෛද්‍යවරුන්ට අදාළ රෝගීන් සමඟ හඬ / වීඩියෝ ඇමතුම්වල නියැලීමට, ඖෂධහල් සඳහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමට සහ MyDoctor App හරහා රසායනාගාර පරීක්ෂණ නියම කිරීමට පහසුකම් සැලසෙන අතර, සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල සාමාජිකයින් සහ රෝගීන් වෙනත් ආසාදන සඳහා අනවශ්‍ය පරිදි නිරාවරණයවීමට ඇති අවස්ථා විශාල වශයෙන් අවම කරයි. මෙවැනි පහසුකම් හරහා වෛද්‍ය උපදේශන ක්‍රියාවලිය කාර්යක්ෂම වන අතර, මෙයින් රෝගීන්ට සිදුවන පීඩනයද අවම වේ. රෝහල් 16ක ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාවේ මූලික අදියරේ සාර්ථකත්වය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග දෙපාර්තමේන්තුව විසින් සෙසු රෝහල්වලද මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය මෙසේ අදහස් ප්‍රකාශ කළාය.“අති විශිෂ්ට සම්බන්ධතා පහසුකම්, උපාංග සහ Tele Medicine සේවා හරහා රටේ ප්‍රධාන ජාතික සහ ශික්ෂණ රෝහල් 16 ක බෝ නොවන රෝග සායන ඩිජිටල්කරණයට ලක්කිරීමේ ජාතික කර්තව්‍යයට උරදීම වෙනුවෙන් එක්වූ ඩයලොග්, Samsungසහ MyDoctor ආයතනවලට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුදකර සිටිනවා. එමෙන්ම COVID -19 තත්වය හමුවේ රටට අත්‍යවශ්‍යම අවස්ථාවක මෙම පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම පිළිබඳවත් මේ ආයතන ත්‍රිත්වයටම නැවත වතාවක් විශේෂයෙන් ස්තුතිය පිරිනමනවා.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මේ පිළිබඳව අදහස් දක්වමින්, “ COVID -19 ට එරෙහි ජාතික සටනට සහායවීම වෙනුවෙන් අප ගන්නා උත්සාහයේදී මෙම Tele Medicine සේවා සලසන Samsung Global සහ MyDoctorආයතනවලට අපගේ කෘතඥතාවය පළ කරන අතර, මහජනතාවට සේවය සැලසීම සඳහා තාක්ෂණය උපයෝගී කරගැනීමේ ඉදිරි පියවර තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපගේ ස්තුතිය පුදකර සිටීමත් මෙය අවස්ථාවක් කරගනු ලබනවා. දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් ඩිජිටල්කරණයට ලක්කරමින් ශ්‍රී ලාංකිකයින්ට සමාන අවස්ථා සහ ඩිජිටල් සෞඛ්‍ය ක්‍රියාකාරකම්වල තිරසර සංවර්ධනයට පහසුකම් සලසමින් රටේ ඊ සෞඛ්‍ය පද්ධතිය (eHealth system) තවදුරටත් ශක්තිමත් කිරීම මෙවැනි දීර්ඝකාලීන පහසුකම්  සැලසීමෙහි අරමුණයි.”

Samsungශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුංසු යූමෙසේ අදහස් දැක්වීය. “COVID -19 පවතින මෙම කාලසීමාව තුළ බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 16ක් සඳහා නවතම Samsung Tabපරිගණක පරිත්‍යාග කිරීමේ අර්ථවත් සහ කාලීන ව්‍යාපෘතියට ඩයලොග් සහ MyDoctor සමඟ දායකවීමට ලැබීම මහත් ආඩම්බරයක් වශයෙන් සලකනු ලබනවා. Samsung Tabපරිගණක තුළMyDoctor app එක ස්ථාපනය කෙරෙන අතර, මේ හරහා රෝහල්වලට අවශ්‍ය Tele Medicine සේවා සැලසීම සඳහා සම්බන්ධතා පහසුකම් සපයනු ලබන්නේ ඩයලොග් සමාගමයි. නවීකරණය වූ සෞඛ්‍ය සේවාවක් තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම විශ්වාසදායී තාක්ෂණයක් වෙත පැවරී තිබෙන අතර, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ රෝගීන් සවිබලගැන්වීම වෙනුවෙන් මෙම දුරස්ථ රෝගී සත්කාර සේවාව සමඟ අපටත් සම්බන්ධවීමට අවස්ථාව ලැබීම පිළිබඳව අතිශයින් සතුටු වෙනවා. වර්තමානයේ අප ජාතිය මුහුණපාමින් සිටින අභියෝගය වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයකට දායකවීමට Samsungසමාගම කැපවී සිටින බවත් සඳහන් කර සිටිනවා.”

මේ පිළිබඳව අදහස් දැක්වූ MyDoctor සේවාවේප්‍රධාන විධායක නිලධාරි සමීර විජේරත්න“ඩයලොග්, Samsungසහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මෙවැනි ජාතික කර්තව්‍යයකට දායකවීමට ලැබීම මහත් ආශිර්වාදයක් කොට සලකනු ලබනවා.MyDoctor app එක හරහා තම සාමාන්‍ය සායනවලට නිවසේ සිටම ඉතා පහසුවෙන් සහභාගිවීමේ අවස්ථාව රෝගීන්ට හිමිවී තිබෙනවා. එපමණක් නොවේ, තම අනාගත ප්‍රයෝජනය සඳහාappඑක මත ඔවුන්ගේ සියලුම සෞඛ්‍ය වාර්තා සහ බෙහෙත් වට්ටෝරු upload කරමින් ඒවා පවත්වාගෙන යාමටත් ඔවුන්ට අවස්ථාව සැලසෙනවා. තවද උපදේශන ආරම්භ කිරීමට පෙර  MyDoctor app එක භාවිත කරමින් දුරස්ථ ක්‍රමයට රෝගීන්ගේ සෞඛ්‍ය පැතිකඩ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව වෛද්‍යවරුන්ට හිමිවනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දැවැන්ත පියවරට අවතීර්ණවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අපගේ ප්‍රශංසාව පළ කරනවා.”

නව අදහස දක්වන්න