මගේ උපදේශකයා කළේ කළ යුතුම දේයි | දිනමිණ


 

මගේ උපදේශකයා කළේ කළ යුතුම දේයි

ලොක්ඩවුන් නීතිය කැඩූ කමින්ස් ගැන බ්‍රිතාන්‍ය අගමැති කියයි

රට වසා දමා තිබිය දී කොරෝනා ආසාදනය වූ ඥාතියකුගේ දරුවන් වෙනුවෙන් කටයුතු කිරීමට ගිය තමන්ගේ ප්‍රධාන උපදේශකයා සිදු කර ඇත්තේ නිවැරැදි දෙයක් බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කීවේය. ඔහු සහ ඔහුගේ බිරිය කොරෝනාවලින් බැටකන විට හැම අතින්ම ඔහු වගකීමක් ඇතිව, නීත්‍යනුකූලව කටයුතු කර ඇතැයි කීවේය. ඔහුට වෙනත් විකල්පයක් නොතිබූ බව ද අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කමින්ස් තනතුරෙන් ඉවත් විය යුතු යැයි ඇතැම් ටෝරි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ප්‍රකාශ කර තිබූ නිසාය. කමින්ස් සිදු කළ ක්‍රියාවට දඬුවමක් ලබා නොදීම බ්‍රිතාන්‍ය ජනතාව කරන කැප කිරීම්වලට අවමන් කිරීමක් යැයි ලේබර් පක්ෂ නායක ශ්‍රීමත් කෙයිර් ස්ටාර්මර් කීවේය. මේ අතර සැලැසුම් කර ඇති පරිදි ජූනි 1 වැනිදා එංගලන්තයේ පාසල් විවෘත කිරීමට මවුපියන් සහ ගුරුවරු සූදානම් විය යුතු බව අගමැති ජොන්සන් වැඩිදුරටත් කියා ඇත.

නව අදහස දක්වන්න