ජනතාවට විපක්ෂය බයවෙලා | දිනමිණ


 

ජනතාවට විපක්ෂය බයවෙලා

හිටපු අමාත්‍ය එච්. බී. සේමසිංහ

පසුගිය කාලයේ ඇතිකළ කොමිෂන් සභා ගැන විවිධ ගැටලු ඇතිව තිබේ.කෘෂිකර්මාන්තය ගැන වෙනදා නොමැති ආකාරයේ උනන්දුවක් ජනතාව තුළ ඇතිව තිබේ. නව රජයේ වැඩපිළිවෙල ගැන ප්‍රසාදයක් ඇතිව තිබේ. මේ නව දේශපාලන වාතාවරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු සහ හිටපු ඇමැතිවරයකු වන එච් බී සේමසිංහ මහතා සමග සිදුකළ සංවාදයකි මේ.

*එදා පැවති දේශපාලන තත්වය සහ අද පවතින දේශපාලන තත්වය පිලිබදව මොකද ඔබගේ අදහස කුමක්ද?

ආසන මට්ටමින් තමයි ඡන්ද පැවැත්වූයේ.අද දිස්ත්‍රික්කය පුරාම අපේක්ෂකයින් යන්න ඕන. ආසන දේශපාලන තත්වයයි අද පවතින දේශපාලන තත්වය ලොකු වෙනසක් තිබෙනවා. එදා එක් පක්ෂයකට එක් අපේක්ෂකයි හිටියේ . අද එක පක්ෂයකට අපේක්ෂකයින් කිහිප දෙනෙක් සිටිනවා. එක පක්ෂයකින් වුවත් අපේක්ෂකයන් තරග කරන විට මනාප ගොඩ වැඩි කර ගන්න බලනවා. එදා තරගකාරිත්වය පක්ෂ ඇතුලේ තිබුනේ නැහැ.ආසන ක්‍රමයට ඡන්ද තියෙන විට අප ගමට යනවා. යන්නේ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් එක්ක. උදේම ගමකට ගියාම ගමේ පිරිසත් එකතු වනවා. මුළු ගම පුරාම ඇවිදලා ඒ අවශ්‍ය කටයුතු කරලා හැන්දෑවට ගෙදර එන්න හදන විට රුපියල් 50 ක 6 වටිනා සල්ලි කොළ එල්ලපු මාලයක් දෙනවා. ගමේම ජනතාව තේ ටික ආහාර ටික ලබා දෙන කයාගෙන් යමක් ජනතාව බලාපොරොත්තු වනවා. ගමට යන කුමන පක්ෂයේ අපේක්ෂකයා වුනත් සුහදව පිලිගන්නවා.

* මහ මැතිවරණයක් පැවැත්වීම විපක්ෂය ප්‍රතික්ෂේප කරනවා ඒ ආකාරයේ හැසිරීමකට විපක්ෂය යොමුව සිටින්නේ ඇයි?

ප්‍රධාන විපක්ෂය අද කණ්ඩායම් කිහිපයකට බෙදී ගිහින් තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර අනෙක් සියලුම විපක්ෂ කණ්ඩායම් ඡන්දයට බයයි.ඒ අය ගමට යන්න බයයි. ජනතාවගේ අප්‍රසාදයට ලක් වූ වේලාවක් කියලා ඔවුන් සිතනවා.කොරෝනා වසංගතය හමුවේ රජය ගෙන ගිය වැඩ පිලිවෙලට ජනතා ප්‍රසාදය වැඩි වී ඇති නිසා විපක්ෂය ඡන්ද එපා කියනවා. එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුණ,ටී එන් ඒ එක පරාජය වන බව දැන ගෙන බිය වෙලා. ජනතාව තුල ඒ අය පිළිබදව විශාල කළකිරිමක් තිබෙනවා. කොරෝනා තත්වය යටතේ රජයට යම් වාසියක් වෙයි කියලා ඔවුන් බිය වෙලා. එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හැමදාම ඡන්ද වලට බයයි. හැමදාම ඔවුන් ඡන්ද කල් දැම්මා. පළාත් සභා ඡන්දය කල් දැම්මා. අදටත් ඒ ඡන්දය නැහැ. ප්‍රා දේශීය සභා ඡන්ද කල් දැම්මා. මහ මැතිවරණය කල් දැම්මා. ඡන්ද කල් දාන්න කල් දාන්න ජනතාව අපහසුතාවයට ලක් වනවා. ඡන්ද නියමිත වේලාවට තියන්න ඕන.

මැතිවරණය තබා සුළු කාලයකින් පළාත් සභා ඡන්දයත් තියාවි. අවශ්‍ය නීති වෙනස් කරලා ඉක්මණට එය පවත්වාවි.මැතිවරණ කොමිෂම කියන ප්‍රකාශ පිලිබදව අපට ජනතාවට විශ්වාසයක් නැහැ. නාමයෝජනා භාර ගෙන දින හතලිස් ගාණකට පස්සේ මැතිවරණ දිනය නම් කළා. ඒ පස් ගිය අප්‍රේල් 25 දා. ඒ පැවැත්වීමට අවශ්‍ය සූදානම තිබුණානේ. එහෙමනම් සෞඛ්‍ය අංශ කීවාම ඒ දින සිට තවත් දින 60 ක් 80 ක් ඕන කියන එකේ මහා බරපතළ ප්‍රශ්නයක් පැණ නැගී තිබෙනවා. ඡන්දය තියන්න මූලික අවශ්‍යතා අවසන් කරගෙන ඉන්න ඇත්තේ.අප්‍රේල් 25 දිනට ඡන්දය තියන්න ඒ කොමිසම ලෑස්ති වෙලා ඉදලා නැහැ කියලා අපට තේරෙනවා. මැතිවරණ කොමිසමත් කැමති නැහැ ඡන්ද තියන්න .අපටත් ජනතාවටත් සැකයක් මතු වෙනවා. විපක්ෂයේ අවශ්‍යතාවය මැතිවරණ කොමිසම ඉටු කරනවා කියන සැකය හැමෝටම මතුවෙලා.

පසු ගිය රජය පත්කළ කිසිම කොමිසමක් පිළිබදව ජනතාවට විශ්වාසයක් නැතුව ගිහින්.කොමිසම් වලින් බලාපොරොත්තු වුනේ ස්වාධීනත්වය. ඒ ස්වාධීනත්වය අද වන විට ලැබී නැහැ. මැතිවරණ කොමිෂමම උසාවි යනවා ඡන්දය එපා කියලා . මේවා විහිළු නොවෙයිද? ඒ සාමාජිකයින් අතරත් ගැටළු. දැන් අද වනවිට ආරංචි වනවා පොලිස් කොමිසමට කථානායක බලපෑම් කලා කියලා. මේවා විහිළු නොවෙයිද? මේ නිසා අපේ රට අස්ථාවර වෙලා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව වෙනුවෙන් නිසි වැඩ පිලි වෙලක් සිදු කරමින් පවතිනවා. රටේ ජනතාවගේ යුතුකම් හරියට ඉටු කරමින් සිටිනවා. ජනතාව කියනවා එතුමා මේ විදියට දිගටම තව අවුරුදු තුන හතරක් රට කරගෙන ගියොත් ලෝකයේ දියුණුම රට ශ්‍රී ලංකාව කියලා. පාර්ලිමේන්තුවක් නොමැතිව මේ ගෙන යන වැඩ පිළිවෙල පිලිබදව ජනතාව ප්‍රසාදයෙන් යුතුව කතා කරනවා.

කොවිඩ් 19 සමග ඡන්ද කල් දාලා ප්‍රශ්න වැඩි කර රජය අපහසුතාවයට ලක් කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව .අද රට පුරාම හැම වැඩක්ම යම් ප්‍රමාණයකින් කරගෙන යනවා. සෞඛ්‍ය රෙගුලාසි අනුව ඒවා පිළිපදිමින් තමන්ට පැවරී ඇති වගකීම් හරියට ඉටු කරමින් සියළු දෙනාම රජයට සහාය ලබා දෙනවා. නමුත් විපක්ෂය කිසිම සහයෝගයක් ලබා දෙන්න සූදානම් නැති බව පේනවා. සෞඛ්‍ය අංශවල රෙගුලාසි වලට යටත්ව ඡන්ද වැඩ කටයුතු දේශපාලන කටයුතු කිරීම ගැටළුවක් නැහැ. කව්රුත් තහනම් කරලාත් නැහැ.

* කොවිඩ් 19 වසංගත පාලනය සදහා රජය කරගෙන යන වැඩ පිලිවෙල සාර්ථකද?

ලෝකය පුාරම රටවල් ගත්තාම අපේ රට වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ඉහළින්ම සිටිනවා. කොවිඩ් 19 අපේ රටට එන්නත් කලින් ජනධිපතිතුමා ඇතුළු රජය කාර්ය සාධන බලකා, නීරෝධායන මධ්‍යස්ථාන හදලා මහා සංඝ රත්නයට ආරාධනා කරමින් රටු පරාම රතන සුත්‍ර දේශණාව පවා සිදු කලේ මේ වසංගතය ලංකාවට එන්නත් කලින් . ඒ සැලසුම හරිම වටිනවා. ආරම්භයේ සිටම ජනාධිපතිතුමා මේ සදහා මූලික වෙලා අගමැතිතුමා සහ අමාත්‍ය මණ්බල එක්ව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සමග රාජ්‍ය අංශයද සම්බන්ධ කරගෙන සාර්ථක වැඩ පිලිවෙලක් ක්‍රියාවට නැංවූවා. ඒ හරිම වටිනවා . ඒ සමගින් මේ කොරෝනා පාලනය කළා. විදෙස් රටකින් පැමිනි අයෙකුගෙන් තමයි මෙය පැතිරුනේ. අපේ රටේ කෙනෙකුගෙන් පැතුරුනේ නැහැ. රෝගී වූ අය සුව වීමද වැඩි කළා. මරණ ගාණ අවම කලා. ඒ පිළිබදව ජනතාව ලබා දුන් සහයෝගය අපි අගය කරන්න ඕන. රජයේ කළමණාකරණය සහ පරිපාලනය ඉතා ඉහළයි කියලා අප කාටත්ම සතුටු වෙන්න පුළුවන්. කව්රු කොයි ආකාරයට කීවත් පුද්ගලයින් හැටියට මේ ක්‍රියාදාමය අවංකවම අගය කරන්න ඕන.

* රටේ ආර්ථිකය ජය ගැනීමට සියළුම දෙනා කරන කැප කිරීම් කළ යුතුයි නේද ?

ජනතාව ජීවත් වෙන්න ඕන . කොරෝනා රෝගය ආසාධනය වීම වළක්වා ගන්න ඕන.එය ඉතාම වැදගත් .සෞඛ්‍ය පිළිවෙත් හරියට පිළිපදින්න ඕන.ඒ අනුව ක්‍රියාකලොත් අපට මේ වසංගතය වලක්වා ගන්න පුළුවන්. සෞඛ්‍ය විශේෂඥයන් කියන විදියට අපි කටයුතු කරන්න ඕන. අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. මුඛ ආවරණ පළිදින්න ඕන.දෙඅත් නිතරම සෝදන්න ඕන.මෙතෙක් අපට මග හැරුණු හොද සෞඛ්‍ය සිරිත් අනුගමනය කරන්න ඕන. වටිනාකමක් වැඩි ජනතාවක් හැටියට අපි මුළු ලෝකයටම ආදර්ශයක් දෙන්න ඕන.

රටේ ආර්ථිකය ජය ගැනීමට ගොවි ජනතාව මෙන්ම සියළුම දෙනා දක්වන අසීමිත සේවාවන් අපි අගය කරන්න ඕන. හැම ආයතනයක්ම අඩු වේලාවක් අරගෙන වැඩි වැඩ කොටසක් කිරීමට පුරුදු වෙලා. එය රටක් හැටියට අපට ලොකු ශක්තියක්. ගොවි ජනතාව වැඩි පුර අක්කර ප්‍රමාණයක් වගා කරලා. සෑම නිවසකම ගෙවතු තුලත් එළවළු වගා කරලා . ඉදිරියේදී රටතුල හෝටල් ඇතුළු සේවා ක්‍රියාත්මක වන විට ඒ සදහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ස හ පහසුකම් අප දෙන්න ඕන . ඒ සදහා දැන් අපේ රටේ ජනතාව සූදානම් වීම අප අගය කරන්න ඕන.

පසු ගිය රජය කාලයේ පොහොර වලට මුදල් ගෙවලා නැහැ. ඒ නිසා යම් අවස්ථාවල පොහොරවල ප්‍රමාදයන් සිදුවුනා. නමුත් දැන් ඒසියල්ල නියමිත පරිදි කරගෙන යනවා. වැරදීම් වනවා. අඩු පාඩු වනවා. හැම රටකම අඩු වුණා. මේ වසංගතය මීට කලින් ඇවිල්ලාම නැහැ. ඒ නිසා කාටත් අතුදැකීම් නැහැ. පාලනය කිරීම තමයි කල යුත්තේ . එය පාලනය කර රට දියුණුවට ගෙන යාම කල යුතුමයි. රට පුරාම නව නිර්මාණ කරුවන් බිහිවෙලා. අළුත් දේවල් අළුත් ව්‍යාපෘති බිහිවෙලා. තාක්ෂණය පිළිබදව වෙනදාට වඩා වැඩි සැලකිල්ලක් දක්වා සියළු වැඩ ඒ සමග සාර්ථකව කරගෙන යාම අපට ආඩම්බරයක්.මේ සදහා ඇප කැප වන සියළුම දෙනාට අපගේ සහ ජනතාවගේ ප්‍රණාමය පුදකරනවා.

* වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ ජාතික උත්සව රැසක් පැවැත්වීමට නොහැකි වුණා මෙවර පොසොන් උත්සවය පැවැත්වීමට හැකියාවක් තිබේද ?

ගියවරත් පාස්කු ප්‍රහාරය නිසා පොසොන් උත්සව හැටියට පැවැත්වුයේ නැහැ. මෙවරත් සෞඛ්‍ය නීති රීති වලට යටත්ව ආගමික වතාවත් වලට මුල්තැන ලබා දෙමින් ඒ ආගමික කටයුතු සිදු කරන්න ඕන. . පොසොන් දිනයත් සමරන්න ඕන . අපි ඒකාරාශී වෙන්න හොද නැහැ. පෙහෙවස් සමාදම් වෙන්න අපට දුන් උපදෙස් අනුව සිදු කරන්න ඕන .මෙම වෛරසය පිළිබදව සැලකිලිමත් වී කිසිවකුට මෙම වසංගතතය වැළදනේනේ නැතිව රෝගය බෝවීම අවම වී රෝගය සැදුන සියළු දෙනාම සුවපත් වේවායි කියලා අපි පොසොන් පොහෝදා ප්‍රාර්ථනා කරමු. ජනතාව හැමදාමත් ඒ ප්‍රාර්ථනාව කළා. මහා සංඝ රත්නය හැමදාම අවශ්‍ය ආකාරයට සෑම විහාරස්ථානයකම ආගමික කටයුතු දිනපතාම සිදු කළා. රෝගී වූ අයගෙන් සුව වූ ප්‍රමාන්‍ය වැඩි කර ගැනිමට හැකිවිම පිළිබදව අපි ආඩම්බර වනවා සේම එය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට තව දුරටත් සියළු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලනවා.

සාංවාදය / ඡායාරූප
චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ 

 

නව අදහස දක්වන්න