කො‍රෝනා කැටුව ජීවත්වී‍මේ කලාව | දිනමිණ


 

කො‍රෝනා කැටුව ජීවත්වී‍මේ කලාව

වසංගත ‍රෝග පිළිබඳ ‍වෛද්‍ය වි‍ශේෂඥයන්‍‍ගේ මතය වන්‍‍නේ ‍කොවිඩ්-19 ‍වෛරසය සමඟ තවත් වසර තුන-හතරක් වුව සටන් වැදීමට මිනිස් ප්‍රජාවට සිදුවන බව ය. ‍ලෝක ‍සෞඛ්‍ය සංවිධානය පු‍රෝකථනය කර ඇත්‍‍තේ ‍කොවිඩ්-19 මුළුමණින් ම පරාජය කළහැකි එන්නතක් ‍හෝ ඖෂධයක් ‍හෝ නිශ්චිත ‍ලෙස හඳුනාගැනීමට තවත් මාස අටක කාලයක් ‍හෝ තවත් වසර එකහමාරක කාලයක් ‍හෝ ගතවිය හැකි බවය. ‍මෙහි අර්ථය වන්‍‍නේ කුමක් ද? ‍වෛරසය සමඟ ජීවත්වීමට හා ‍වෛරසය සමඟ සාමාන්‍ය කටයුතු කර‍ගෙන යෑමට සියලු ‍දෙනා සූදානම් විය යුතු බවය.

වසංගතය නිමාවට පත්වන තුරු සියල්ල වසා දමා තිබු‍ණ‍ හොත්; අපට සිදු වන්‍‍නේ බඩගින්‍‍නේ මිය යෑමටය.සමස්ත ‍ලෝක‍යේ ම ආර්ථිකය ශීඝ්‍ර පසුබෑමකට ලක් වී ඇත. අ‍මෙරිකා‍වේ පමණක් දස ලක්ෂ ගණනකට රැකියා අහිමි වී ඇති බව වාර්තා ‍වෙයි. ‍හෙට දවස වන විට තත්ත්වය තවත් දරුණු අතට හැ‍රෙනු ඇත. අ‍මෙරිකාවට ‍හෙම්බිරිස්සාව හැ‍දෙන විට අපට උණ-සන්නිපාතය වැළඳෙන බවට කතාවක් ති‍බේ. දියණු ‍වෙමින් පවතින රටවලට ආර්ථික අභි‍යෝගය තදින් දැ‍නෙනු ඇත. එය ‍නොවැළැක්විය හැකි කාරණ‍යෙකි. ඒ අනුව ‍කොවිඩ්-19 ‍වෛරසය සමඟ සටන් කරමින් ආර්ථික කටයුතුවල ‍යෙ‍දෙන්නට අපට සිදු වී ති‍බේ.

ඇඳිරි නීතිය ‍‍කෙ‍මෙන් ලිහිල්වන අතර ‍දෛනික ජීවන ක්‍රියාවලිය සඳහා පැවැති සීමා කිරීම් ඉවත් වන්නට පටන්‍‍ගෙන ති‍බේ. ‍මෙහි ලා වි‍ශේෂ කරුණු ‍දෙකක් සඳහන් කළ යුතුය. පළමුව ජනතාව අවධාරණය කරගත යුත්‍‍තේ ‍කො‍රෝනා වසංගතය තව ම තුරන් වී නැති බව ය. ‍දෙවනුව සිහියට ගත යුත්‍‍තේ ‍මේ ලිහිල් කිරීම අත්හදා බැලීමක් ‍ලෙස පවතින බව ය. යම් ‍හෙයකින්‍ ‍වෛරසය ආසාධනය වාර්තා වුව‍හොත් යළිත් සියල්ල වසා දැමීමට සිදු ‍වේ. රට විවෘත කර ඇතත්; තමන් ‍වෛරසයට විවෘත ‍නොවිය යුතු බව සිහි තබාගත යුතු වැදගත්ම කාරණය ‍වෙයි. ආරක්ෂා සහිතව ගනු‍දෙනුවල ‍යෙදීම අලුත් කලාවක් විය හැකි ය. එයට සියල්ලන්ම අනුගත විය යුතුය.

‍සෞඛ්‍ය බලධාරීන් මූලික උප‍දේශන හතරක් නිකුත් කර ති‍බේ. පළමු උප‍දේශනය වන‍්‍‍නේ විෂබීජහරණයට ‍යොමුවීමය. ‍දෙවන උප‍දේශනය වන්‍‍නේ මුඛ ආවරණය පැළඳීම ය. ‍තෙවන උප‍දේශනය වන්‍‍නේ දෑත්වල ස්වශ්තතාව ආරක්ෂා කර ගැනීමය. හතරවන උප‍දේශනය වන්‍‍නේ සමාජ දුරස්ථභාවය රැක ගැනීමය. ‍මේ එකක්වත් අපහසු කටයුතු ‍නොවන අතර තමන්‍‍ගේම ආරක්ෂාව පිණිස නිර්දේශ කරන ලද ‍දේවල්ය. විෂබීජහරණය ‍බො‍හෝවිට ‍නොමි‍ලේම සිදු‍වෙයි. කළයුත්‍‍තේ ඊට ‍යොමු වීම පමණි. මුඛ ආවරණ හතරක් ‍හෝ පහක් ‍හෝ රුපියල් සියයකට මිලට ගත හැකිය. දෑත්‍ ‍සේදීම සඳහා ආයතන විසින් පහසුකම් සපයනු ලැ‍බේ. සමාජ දුරස්ථභාවය රැකගැනීමට කිසිදු මිලක් වැය වන්‍‍නේ නැත.

මත්පැන් ‍බෝතලයක් දුටු ගමන් සමාජ දුරස්ථභාවය පමණක් ‍නොව; මනුස්සකම ද අමතක කරන පිරිසක් අපට සිටිති. ‍කොත්තු ‍රොටියකට - බීඩියකට වුව මිනී මරාගන්නා පිරිසක් ද අපට සිටිති. කෑමක්-බීමක්-වාසියක් දුටු සැ‍ණින් එය අදම නිමාවට පත් ‍වේ යැයි සිතන්නෝ ‍බො‍හෝය. අ‍නෙකාට ‍පෙර අත්පත් කරගැනී‍මේ අ‍පේක්ෂාව වැඩි ‍දෙ‍නකුට ති‍බේ. එය ආත්මාර්ථය මිස අන් ‍දෙයක් ‍නො‍වේ. මිනිසා පරිණාමයට පත් වන්‍‍නේ ශිෂ්ටත්වය සමඟ ය. රටවල් සංවර්ධනයට පත් වන්නේ ද ශිෂ්ටත්වය සමඟ ය. ශ්‍රී ලංකාව දීර්ඝ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන ‍ඓතිහාසික රාජ්‍යයක් ‍ලෙස සලකනු ලැ‍බේ. කෑමකට-බීමකට-සුළු වාසියකට එම ශිෂ්ඨත්වය ‍කෙ‍ලෙසීම මනුෂ්‍යත්වයට තරම් ‍නො‍වේ.

‍කෙ‍නෙකු‍ගේ මුඛ ආවරණය රැඳී ඇත්‍‍තේ ‍බෙල්‍‍ලෙහිය. තව ‍කෙ‍නෙකු‍ගේ මුඛ ආවරණය ඇත්‍‍තේ අ‍තෙකය. ඒවා මුඛයට ළං වන්‍‍නේ ‍පොලිස් නිලධරයකු දුටු විට පමණි. තමන්ට හා තමන්‍‍ගේ හෘද සාක්ෂියට එකඟ ‍නොවන මිනිස්සු අනන්තවත් සිටිති. බ්‍රසීල‍යේ රාජ්‍ය නායකයා මීට දින කිහිපයකට ‍පෙර මුඛ ආවරණයක් ‍නොමැතිව මහජන රැලියකට සහභාගි විය. ඒ පමණක් ‍නොව ඔහු මුඛ ආවරණය ‍නොමැතිව දරු‍වෝ සමඟ ‍සෙල්ෆි ඡායාරූපවලට සිට ගත්හ. ‍මෙය ‍ලෝකය පුරා දැඩි වි‍වේචනයට ලක් වූ අතර බ්‍රසීල නායකයා ‍මෝඩයකු හා විනාශකාරි පුද්ගලයකු ‍ලෙස හඳුන්වා තිබිණි. ‍මේ අර්බුදකාරී අවස්ථා‍වේ ස්වකීය වගකීම් හා යුතුකම මඟ හරින පුද්ගලයා අපරාධකාරයකු බවට පත් ‍වේ.

ශ්‍රී ලංකා‍වේ ‍පොලීසිය ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන බව දක්වා ඇත. එක අ‍තෙකින් ඇඳිරි නීතියට අදාළ වගන්ති ති‍බේ. තව අ‍තෙකින් නි‍රෝධායන නීතියට අදාළ වගන්ති ති‍බේ. සිර දඬුවම් ලබාදීම, දඩ ගැසීම ‍මෙන්ම ‍දේ‍පොළ රාජසන්තක කිරී‍මේ හැකියාව අදාළ නීති-‍රෙගුලාසිවලට අයත්ය. ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයන් හතළිස් හත්දහසක් පමණ අත්අඩංගුවට ‍ගෙන ඇති බවට වාර්තා පළවී ඇත. වාහන දාහතර දහසක් පමණ රඳවා‍ගෙන ඇති බවද වාර්තා වී ඇත. ‍‍මේ සියල්ල සිදු වී ඇත්‍‍තේ නීතිය ‍නොසලකා හැරීම නිසා යැයි නිගමනය කළ හැකිය. නීතිගරුක ‍නොවන පුද්ගලයා විනය වි‍රෝධී තැනැත්‍‍තෙකි.

‍නො‍බෙල් ත්‍යාගලාභී ආර්ථික වි‍ශේෂඥයකු වන ආචාර්ය ඊ.එෆ්. ෂූමාකාර් ව‍රෙක සඳහන් කර ඇත්‍‍තේ රටක සංවර්ධනයට එරට පුරවැසියන්‍‍ගේ අධ්‍යාපනය, සංවිධානය හා විනය බලපාන බවය. සංවර්ධනය භාණ්ඩවලින් හා මුදල්වලින් පමණක් මැනිය ‍නොහැකිය. සංවර්ධන‍යේ මූලික සාධක ප්‍රජාව‍ගේ ඇවතුම්-පැවතුම් වලද රැඳී ති‍බේ.විනය ගරුකතාවය , නීතියට ගරු කිරීම ‍මේ ‍මො‍හො‍තේ මන්ත්‍රයක් ‍මෙන් ජපකර ගැනීම වැදගත්ය. රජය ඇඳිරි නීතිය ලිහිල්කර ඇත්‍‍තේ මහජනයා ‍කෙ‍රෙහි පූර්ණ විශ්වාසයකින් බව ‍පෙනී යයි. එම විශ්වාසය කඩවුව‍හොත් යළිත් සියල්ල වසා දැමීමට සිදුවනු ඇත. රට විවෘත වුව ගාල කඩා‍ගෙන යෑම‍ නොකළ යුතුය.

නව අදහස දක්වන්න