මැතිවරණ ක්‍රියාවලිය රටේ මූල්‍ය සංසරණයට අවස්ථාවක් | දිනමිණ


 

මැතිවරණ ක්‍රියාවලිය රටේ මූල්‍ය සංසරණයට අවස්ථාවක්

මහින්ද අලුත්ගෙදර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි

රටේ මූල්‍ය සංසරණයට හේතුවක් වන මැතිවරණ ක්‍රියාවලිය රටේ ආර්ථිකයට හොඳ තත්ත්වයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.

ඇතැම් දේශපාලනඥයින්ගේ කළු මුදල් සමාජයට මුදාහරින්න මෙය හොඳ අවස්ථාවක් බව පෙන්වාදෙන ඒ මහතා මහ බැංකුවෙන් හොරකම් කළ, ඖෂධ ගෙන්වන මුවාවෙන් වංචා කළ, අන්තවාදී අපේක්ෂකයන් දිරි ගන්වන්න වැයකළ මුදල් සමාජයට මුදාහරිමින් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක වියහැකි බවද කියාසිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ සිසිර ජයකොඩි මහතා, රටක් හැටියට මේ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ජනාධිපතිතුමන් මුළුමහත් ලෝකයාටම ආදර්ශයක් සපයා දී තිබෙනවා. ඒ සඳහා කළ වැඩපිළිවෙල ජත්‍යන්තර පැසසුමට පාත්‍ර වී තිබෙනවා. අද මුළු ලෝකයේම ආර්ථිකය පහත වැටිලා. එදා 21 වෙනිදා වු සිද්ධියෙන් මේ රටේ ආර්ථිකයට මහත් බලපෑමක් සිදුවුනා සංචාරක කර්මාන්තය බිඳවැටුන නිසායි. ඒ වාගේම පසුගිය ආණ්ඩු කාලය පුරාවටම රටේ ආර්ථිකය සියයට 2 දක්වා කඩාවැටිලා තිබුනේ. මේ තත්ත්වයේ පසුවුන රටක් තමයි වත්මන් ජනාධිපතිතුමන් භාර ගත්තේ. දැන් අපගේ අභියෝගය වී තිබෙන්නේ ආර්ථිකය ගොඩනගලා, ජනජීවිතය යළි ගොඩනගන්නයි.

දැන් ජනතාව මැතිවරණයක් ඉල්ලනවා. පවත්නා තත්ත්වය හමුවේ සෞඛ්‍ය පිළිවෙත් අනුව මැතිවරණයක් කළයුතුයි. මැතිවරණයට විශාල මුදලක් වැයවෙනවා කියලා පදනම් විරහිත ප්‍රකාශ කරනවා. මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒ සඳහා වියදම් දැරිය යුතු වනවා. මේ මැතිවරණ ක්‍රියාවලිය එක් අතකින් රටේ මුල්‍ය සංසරණයට හේතුවක් වනවා. එය රටේ ආර්ථිකයට හොඳ තත්ත්වයකි. සමහර දේශපාලනඥයින්ගේ කළු මුදල් සමාජයට මුදාහරින අවස්ථාව ලෙස පෙන්වාදිය හැකියි. මහබැංකුවෙන් හොරකම් කළ, ඖෂධ ගෙන්වන මුවාවෙන් වංචා කළ, අන්තවාදී අපේක්ෂකයින් දිරි ගන්වන්න වැයකළ මුදල් සමාජයට මුදාහරිමින් ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව කළහැකි වනවා.

ඊයේ දිනයේ බණ්ඩාරිගොඩ මහතා කියනවා ඉදිරිපත්වන අපේක්ෂයින්ගේ පවා ඡක්‍ඍ පරීක්ෂණයට භාජනය කළයුතුයි කියලා. එය කළයුතුයි ආසාදිත කියලා නොවෙයි අපේක්ෂකත්වයට සුදුසු ද නැද්ද යහපත් ද නැද්ද කියලයි පරීක්ෂණ කළයුතු වන්නේ. රණවිරුවන්, සංඝරත්නය සිරකරපු මහජනතාවගේ මුදල් කොල්ල කාපු, ආන්තවාදය පතුරවන්න කටයුතු කරපු, රටට විරුද්ධව කටයුතු කළ අයට ඡන්දය දියයුතු ද කියලා පරීක්ෂණ කළ යුතුයි. ජනතාව විසින් හොඳින් පරීක්ෂණ කරලා පසුගිය ජනාධිපතිවරණයේ දී ඊට පිළිතුරු ලබාදුන්නා. දැන් විපක්ෂයත්‍ අසරණ වෙලා අනාථ වෙලා ඉන්නේ. පරිහානිය කරායන නිසා මැතිවරණවලට බයයි.

අද තනාපති කාර්යාලවල හොල්මන් කරන්නේ පසුගිය ආණ්ඩුවේ අවතාර බව මතක් කළයුතුයි. අන්තවාදී කල්ලි ක්‍රියාත්මක වනවා. විදේශ ගත පිරිස පසුගිය කාලය පුරාවටම නොයෙක් අකර තැබ්බයන්ට මුහුණ දුන්නා. විදේශ ගත ශ්‍රමික පිරිසගේ ආරක්ෂාව ගැන වත්මන් රජය අවධානය යොමුකරලා තියෙන බව ප්‍රකාශ කළා.

නව අදහස දක්වන්න