යාපනයේ රූමතියක් සිරුරට ගිනි තියාගෙන | දිනමිණ


 

යාපනයේ රූමතියක් සිරුරට ගිනි තියාගෙන

යාපනයට ඇඳිරි නීතිය පැවති කාලය තුළ දකුණු ඉන්දීය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වූ යාපනයේ තරුණියක් එම චිත්‍රපටවල චරිත අනුකරණය කරමින් පෙරේදා (25) සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගැනීමට යෑමේදී ඇය එම ගින්නටම හසු වී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ ජීවත් වූ විසිහතර හැවිරිදි සූරියකුමාර් තනුජා නමැති තරුණියකි.

ඇගේ පවුලේ උදවිය ප්‍රකාශ කොට තිබුණේ රංගනය සඳහා ඇය ඒ අන්දමට ක්‍රියා කරමින් සිටියදී ඇගේ සිරුරට ගිනි ඇවිළුණු බවයි. වහාම ඇයව යාපනයේ තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන යෑමෙන් පසුව ඇගේ තත්ත්වය බරපතළ බැවින් ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කිරීමෙන් පසුව ඇය එහිදී මිය ගොස් තිබේ.

යාපනයේ චුන්නාකම් පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න