කටාර් සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට | දිනමිණ


 

කටාර් සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27)  අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.
 
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමග විෂබීජ හරණය කිරීමට ලක් කෙරුණි.
 
ඉන් පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න සොයා බැලීමක් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ලදි.
 
එම කටයුතු අවසන් වීමෙන් පසු මෙම ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බස් රථ මගින් නිරෝධායන කටයුතු සදහා රැගෙන යන ලදි.

නව අදහස දක්වන්න