වැසි තත්ත්වයේ වැඩිවීමක් | දිනමිණ

වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ විශේෂයෙන්ම දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  
 
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. 
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි  
 
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

නව අදහස දක්වන්න