ඇඳිරි නීතිය කැඩූ 66,341ක් අත්අඩංගුවට | දිනමිණ


 

ඇඳිරි නීතිය කැඩූ 66,341ක් අත්අඩංගුවට

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සදහා පසුගිය මාර්තු මස 20වනදා සවස 6.00 සිට අද(27) අලුයම 4.00 දක්වා කාලසීමාව තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 66,341ක් අත්අඩංගුවට ගෙන ඇත. එම කාලසීමාව තුළ දී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 18,695කි.
 
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන ලද්දේ ඊයේ(26) රාත්‍රී 10.00 සිට අද අලුයම 4.00 දක්වා ගතවූ පැය 06ක කාලසීමාව තුළ පුද්ගලයින් 411ක් අත්අඩංගුවට ගෙන තිබේ. වාහන 81ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ. 
 
ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයින් 21,225දෙනෙකුට නඩු පවරා ඇත. නඩු පැවරීම්වලට අදාළ දඩුවම් නියමකළ සංඛ්‍යාව 8,362කි.
 

නව අදහස දක්වන්න