‘‘අස්වැද්දුම‘‘ මගින් නොමිලේ එළවළු බීජ ලබාදීමේ වැඩපිළිවෙලක් | දිනමිණ

‘‘අස්වැද්දුම‘‘ මගින් නොමිලේ එළවළු බීජ ලබාදීමේ වැඩපිළිවෙලක්

ජනතාව අතර ගෙවතු වගාව ප්‍රචලිත කිරිමේ අරමුණින් “ අස්වැද්දුම” නමින් නොමිලේ එළවළු බීජ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
 
එම වැඩපිළීවෙල ආරම්භ කරමින් ජනතාවට ලබාදීම සඳහා  සකස් කරන ලද එළවළු බීජ වලින් කොටසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේය.
 
වස විසෙන් තොර එළවලු  ලබා ගැනිමට ජනතාව පෙළඹි ඇති බැවින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති බව සඳහන්ය.
 
නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වෙසන එක්ලක්ෂ 25,000ක පමණ පිරිසකට මෙම එළවලු බීජ ලබාදීමට නියමිත අතර එම බීජ වගා කිරිම සහ රැක බලාගැනිම සම්බන්ධයෙන් තාක්ෂණික උපදෙස් ලබා දීමට ද නියමිතය.
 
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ද මෙම වැඩපිළිවෙල සඳහා සහය ලබාදීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

නව අදහස දක්වන්න