දිස්ත්‍රික්ක 07කට නායයාම් අනතුරු අඟවයි | දිනමිණ

දිස්ත්‍රික්ක 07කට නායයාම් අනතුරු අඟවයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික් 07 කට බල පැවැත්වෙන පරිදි  නායයාම් අනතුරු ඇගවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
 
ඒ අනුව අද (27) පෙරවරු 8.00 සිට හෙට (28) පෙරවරු 8.00 දක්වා රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

නව අදහස දක්වන්න