IT Gallery, සහාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට | දිනමිණ

IT Gallery, සහාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට

IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත පසුගියදා පරිත්‍යාග කළේය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සභාපතිවරයාගේ කාර්යාලයේදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. පරිත්‍යාගයෙන් අනතුරුව, IT Gallery කණ්ඩායම විසින් එම කැමරාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ Premier Gateway පර්යන්තයෙහි ස්ථාපනය කිරීමෙන් ක්‍රියාවලිය අවසන් කරන ලදී

මෙම පරිත්‍යාගය තුළින් COVID 19 වැළැක්වීමේ ප්‍රයත්නයන් සඳහා දායක වීමට IT Gallery අපේක්ෂා කරන අතර, මෙම උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාව ඔස්සේ, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගෙන අවශ්‍ය පියවර ගැනීමට ගුවන් තොටුපල බලධාරීන්ට හැකියාව සැලසේ. කොවිඩ්- 19 ගෝලීය වසංගතය මුළු ලෝකයම කරදරයට පත්කර ඇති මොහොතක,‍ රටට සහයෝගය දැක්වීම සමාජ වගකීමක් ලෙස IT Gallery විශ්වාස කරයි. නූතන අවශ්‍යතාවන් අනුව වෙනස්වන තාක්ෂණය පිළිබඳ විශ්වාසය තබන සමාගමක් ලෙසින්, ලෝකයේ නවීනතම තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම මගින් ශ්‍රී ලංකාව බල ගැන්වීම පිළිබඳව IT Gallery නිරතුරු අවධානය යොමු කර තිබේ.

 

 

නව අදහස දක්වන්න