විදේශගත ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 02කට වරක් | දිනමිණ


 

විදේශගත ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 02කට වරක්

දෛනිකව විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවට දින 2 කට වරක් හෝ ඊට වැඩි පරතරයක් සහිතව ගෙන්වා ගැනීම කෙරෙහිද අවධානය යොමුවූ බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා  පවසයි.
 
ඉදිරියේදී ලාංකිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවති බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.
 
එමෙන්ම කිසියම් ශ්‍රී ලාංකිකයෙකු දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් පී සී ආර් පරීක්ෂණයකට එරටදීම පෙනී සිට එහි වාර්තා රැගෙන ඒම අනිවාර්ය කිරීම කෙරෙහිද එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.
 

නව අදහස දක්වන්න