අමෙරිකාව අභිබවා බ්‍රසීලයේ ආසාදිතයින් ගණන ඉහළට | දිනමිණ

අමෙරිකාව අභිබවා බ්‍රසීලයේ ආසාදිතයින් ගණන ඉහළට

ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අභිබවා යමින් බ්‍රසීලයෙන් කොරෝනා වෛරස ආසාදිතයන් 22,301 දෙනෙක් හඳුනාගෙන තිබේ.
 
ඒ අනූව, බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 414,000 ඉක්මවා ගියේය. ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 1,148ත් සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 25,700කට අධිකයි.
 
කෙසේ වෙතත්, දිනෙන් දින කොරෝනා වෛරස ආසාදිතයන් ඉහළ යමින් පවතින පසුබිමක බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ සුපිරි වෙළෙඳසැල් සහ අනෙකුත් කඩසාප්පු එළඹෙන ජූලි පළමු වැනිදා සිට විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. අදාළ විවෘත කිරීම් දින 15ක් සදහා පමණක් බල පැවැත්වෙන බව සාවෝ පවුලෝ ආණ්ඩුකාර ජෝඕ ඩෝරියා සඳහන් කරයි.
 

නව අදහස දක්වන්න