පක්ෂ සාමාජිකත්වය අහෝසිකර සමඟි ජන බලවේගයේ ගමන නවත්වන්න බෑ | දිනමිණ


 

පක්ෂ සාමාජිකත්වය අහෝසිකර සමඟි ජන බලවේගයේ ගමන නවත්වන්න බෑ

කාවින්ද ජයවර්ධන

එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබීම ඔස්සේ සමඟි ජන බලවේගය දේශපාලන ගමනේ මන්දගාමීත්වයක් ඇති නොවන බවත් නව දේශපාලන ප්‍රවාහයක් හැටියට සිය පක්ෂය ඉදිරියට ගමන් කරනු ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසී ය. අනූනව දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය එක්සත් ජාතික පක්ෂය විසින් අහෝසි කරනු ලැබීම සම්බන්ධයෙන් 'දිනමිණ' කළ විමසීමක දී හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසී ය. සමඟි ජන බලවේගය අනාගතයේ දී ආණ්ඩු පෙරළීමට හා නව ආණ්ඩු පිහිටුවීමට දායකත්වය දක්වනු ඇති බව තමන් විශ්වාස කරන බව කී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

"අපි එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළේ එයට විරුද්ධව නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම අපගේ වගකීමක් හැටියට සිතමින්. එක්සත් ජාතික පක්ෂය තුළ තිබූ ගැටලු නිසා අප තීරණය කළා නව සන්ධානයක් පිහිටුවීමට. මට මේ තත්වයට ඒමටත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ පාක්ෂිකයන් විශාල සහයෝගයක් දුන්නා. මම මේ මොහොතේ ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.

අප තීන්දුවක් අරන් තිබෙනවා සජිත් ප්‍රේමදාස මහතා එක්ක නව දේශපාලන ගමනක් යන්න. එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ඔස්සේ ඒ ගමනේ මන්දගාමී බවක් ඇති වන්නේ නැහැ. නව දේශපාලන ප්‍රවාහය සමාජගත කිරීම සමඟින් ආණ්ඩු පෙරළීමට හා නව ආණ්ඩු පිහිටුවීමටත් හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. මේ ප්‍රවාහය අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙලා එක කඳවුරක් හැටියට කටයුතු කරයි කියාත් මම විශ්වාස කරනවා."

ශිවන්ති ප්‍රනාන්දු

නව අදහස දක්වන්න