සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය : පොලිසියේ 03කගේ වැඩ තහනම් | දිනමිණ


 

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය : පොලිසියේ 03කගේ වැඩ තහනම්

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට සුදුපැහැති මෝටර් රථයකින් පැමිණි මැරකල්ලියක් විසින් වෙඩි තබා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවය.
 
වෙඩි තැබූ සැකකරුවන් පලා යාන අවස්ථාවේ දී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත එම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇත. 
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විමර්ශන සිදු කරනු ලැබේ. 
 

නව අදහස දක්වන්න